Blog

තිරසාර සංවර්ධන ඉලක්ක ප්‍රවර්ධනය කිරීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග

vihanga

May 12, 2021

0

විසි එක්වන සියවසට විතැන් පත් වූ ගෝලීය පර්යාය තුළ නන් දෙසින් සංවර්ධනය සමග පාරිසරික ආර්ථික සමාජීය ක්ෂේත්‍රයන් තුළ ඇති වූ ගැටලුවලට පිලියමි ලෙස නිසි ලෙස සමිපත් කළමනාකරණය තුළ තිරසාර වූ සංවර්ධනයක් සදහා වූ පරිවර්තනය සරලවම තිරසාර සංවර්ධන උපායමාර්ගයන් ලෙස අර්ථ දැක්විය හැකි ය. මෙය අරබයා 1983 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී පරිසරය හා සංවර්ධනය පිළිබද ජගත් කොමිසමක් පත් කර වසර 2000 හා ඉනි ඉදිරියට සංවර්ධනය අත්කර ගැනීම සදහා දිගු කාලීන පාරිසරික උපාය මාර්ග යෝජනා ඉදිරිපත් කරන ලදී.

මෙි අනුව තිරසාර සංවර්ධනය යන්න අර්ථ දක්වන ලද්දේ වර්තමාන පරමිපරාව විසින් භාවිතා කරන අතරම අනාගත පරමිපරාවට ද ලොව පාරිසරික සමිපත් සහ ස්වභාවික සමිපත් ප්‍රයෝජනයට ගත හැකි අයුරින් සිදු කරන සංවර්ධනය ලෙසට ය. වර්ෂ 2015 දී පැවති එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සමුලුවෙිදී ලෝක නායකයන් වර්ෂ 2030 ඉලක්ක කරගෙන තිරසාර සංවර්ධනය සදහා වූ ගෝලීය න්‍යාය පත්‍රය සමිමත කර ගන්නාලදී.ඒ අනුව තිරසාර සංවර්ධනය ප්‍රධාන කුලුණු හතරක් මත මානව ,සමාජ ,ආර්ථික,පාරිසරික යන අංශයන් යා කරමින් පාරිසරික තිරසාරභාවය,සමාජ තිරසාරභාවය සහ ආර්ථික සංවර්ධනය අගය කරන ලෝකයක් උදෙසා වූ අභිමතාර්ථ දාහතකින් සහ ඒ හා සමිබන්ධ ඉලක්ක 169ක් සමන්විත වෙි.

මෙම අභිමතාර්ථ සහ ඉලක්ක 2016 ජනවාරි මස සිට 2030 වසර දක්වා බලපවත්වනු ලැබෙි. මෙි අනුව එසේ ඉදිරිපත් කරන ලද අභිමතාර්ථ කිහිපයක් ලෙස දරිද්‍රතාවය තුරන් කිරීම,කුසගින්න තුරන් කිරීම,වස විස නැති ආහාර ලබා දීම ,ජනතාවට නිසි අධ්‍යාපනයක් ලබා දිම හා සමාජීය දැනුවත්භාවය ඇති කිරීම යන කරැණු හදුනා ගත හැකිය.

      මෙි අනුව තිරසාර සංවර්ධන අභිමතාර්ථයන් සහ  ඉලක්ක ප්‍රවර්ධනය කිරීම සදහා ශ්‍රී ලංකාව විවිධ පියවරයන් අනුගමනය කර ඇත. එ්වා රාජ්‍ය අංශයේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙන්ම ජාත්‍යන්තර සංවිධාන හා එම සංවිධානයන්ට අනුබද්ධිත අායතනයන්වල අනුග්‍රහය මත පදනමිව ක්‍රියාත්මක වීම දක්නට ලැබෙි. මෙි අනුව තිරසාර සංවර්ධනය යන තේමාව ලාංකීය සන්දර්භය තුළ බොහෝ විට සංවාදයට ලක් වන ක්‍රියාවට නංවන ක්‍රියාකාරී මටිටමෙි පවතින වැඩපිළිවෙළක් ලෙස හදුනා ගත හැකිය. දශක තුනක් තිස්සේ පැවති යුධමය තත්වයකින් පසු තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී ශ්‍රී ලංකාව සිත්ගන්නා සිද්ධි අධ්‍යනයක් සපයයි.

මෙම තිරසාර සංවර්ධන ඉලක්ක ප්‍රවර්ධනය කිරීම තුළ ලාංකීය සන්දර්භය හදුනා ගැනීම ඉතා වැදගත් ය. මෙි අනුව ලංකාවෙි අන්ත දරිද්‍රතා අනුපාතය (දිනකට ඩොලර් 1.90) 2016 දී සියයට 0.8 දක්වා පහත වැටුණි. 2010 සිට විරැකියා අනුපාතය සියයට පහට වඩා අඩු ය. නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් ඉහළ තරැණ සාක්ෂරතා අනුපාතයක් හා ආයු අපේක්ෂාව ඉහළ ගොස් අැත. මෙි අනුව ⁣ගෝලීය පර්යාය තුළ ලංකාව මානව සංවර්ධන දර්ශක තුළ යමි ප්‍රගතියක් ඇති රටකි. වර්ෂ 2017දී එ්ක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය ඇ.ඩොලර් මිලියන 4066 ක් සමග  ශ්‍රී ලංකාව මධ්‍ය ආදායමි මටිටමට ළගා වෙමින් තිබෙි. මෙම සාධක මත වර්ෂ 2017 දී ලංකාව තුළ දරිද්‍රතාවය තුරන් කිරීමෙි වසර ලෙස නමි කරන ලදී. රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස 2017 ඔක්තෝම්බර් මාසයේදී අංක 19 දරණ තිරසාර සංවර්ධන පනත සමිමත කිරීම සහ ජාතික තිරසාර සංවර්ධන ප්‍රතිපත්තියක් හා උපාය මාර්ගික ක්‍රම⁣වෙිදයක් සකසා ගැනීම සදහා තිරසාර සංවර්ධන කවුන්සලයක් ජනාධිපතිවරයා විසින් පත් කරන ලදී.

             මෙි අනුව ලංකාව තුළ ප්‍රධාන අභියෝගයන්ට මුහුණ දෙන අංශයන් ලෙස දක්වන ආර්ථික ,අධ්‍යාපන ,සෞඛ්‍යය,ස්ත්‍රී පුරැෂ අසමානතාවය,ජලය හා සනීපාරක්ෂාව ,ස්වභාවික සමිපත් යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙහිදී ගත් පියවරයන් ලෙස ආර්ථික අංශය තුළ දුප්පත් ආදායමි මටිටමි පහළ ජනතාවට ආධාර කිරීම සදහා පවතින සමාජ ආරක්ෂක වැඩ සටහන්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම,2018 අයවැය යෝජනාවලිය තුළ නීල හරිත අාර්ථිකයක් යන තේමාවද දක්වන ලද්දේ මෙම තිරසාර සංවර්ධන ඉලක්ක අරමුණු කරගෙන එය ප්‍රවර්ධනය කිරීම සදහා ය.

සමාජ අංශය තුළ තිරසාර සංවර්ධන ඉලක්ක සදහා ගෙන ඇති පියවරයන් ලෙස පවුල තුළ වගකීමි සමග වැඩ සමතුලිත කිරීමට කාන්තාවන්ට පහසුකමි සැපයීම සදහා රෙගුලාසි හා නීති සමිපාදනය කිරීම,පළාත් පාලන ආයතන තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමට අවධානය යොමු කිරීම වැනි ක්‍රියාමාර්ග ගෙන ඇත. ජලය හා සනීපාරක්ෂාව යන කාරණය තුළ  ජනගහනයෙන් සියයට 89.5 කට පමණ ආරක්ෂිත ලෙස පානීය ජලය ලබා ගත හැකිය.

කෙසේ වෙතත් කලාපීය වශයෙන් විෂමතා පවතින අතර ජලයේ ගුණාත්මකභාවය පිලිබද ගැටලු පවතී. එ් අනුව ප්‍රමිතිගත ජල කළමනාකරණයකට විසදුමි සෙවීමට ලක් රජය තිරසාර සංවර්ධන ඉලක්ක හරහා තීරණ හා තීන්දු ගෙන ඇත.මීට අමතරව තිරසාර සංවර්ධන ඉලක්කයන් තුළ අභිමතාර්ථයක් ලෙස බලශක්ති ප්‍රවර්ධනය තුළ සැමට පහසුවෙන් විශ්වාසදායී ලෙස නවීන බලශක්ති වෙත ප්‍රවෙිශය ලබා දීම ප්‍රවර්ධනය කිරීම සදහා ගත් ක්‍රියාමාර්ග දෙස විමසා බැලීමෙිදී බලශක්ති ක්ෂේත්‍රය තුළ දේශීය විදුලි සැපයුම සියයට 98 කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුව ඇත. පුනර්ජනනීය ප්‍රභවයන් සමස්ත ප්‍රාථමික බලශක්ති සැපයුමෙන් සියයට 53කි. අානයන මත රදා පැවතීම සහ බලශක්ති පිරිවැය අභියෝගයකි.ඒ අනුව පුනර්ජනනීය බලශක්ති විකල්පයන් සොයා ගවෙිෂණයට රජය වැඩි වශයෙන් අවධානය යොමු කරමින් පවතී.

තිරසාර සංවර්ධනය උදෙසා සමාජ කණ්ඩායමි ප්‍රවර්ධනය උදෙසා දේශපාලන සමාජීය එ්කාබද්ධතාවය සදහා සාමය ගොඩ නැංවීමෙි ප්‍රමුඛතා සැලැස්මක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය සංහිදියාව සහ ආර්ථික සංවර්ධනය ශක්තිමත් කිරීමට වැඩ පිලිවෙලක් කෙරෙහි අවධානය යොමු කිරීමට කටයුතු කිරීම තවත් එක් පියවරකි. එහිදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ලක් රජයේ අනුග්‍රහය යටතේ සිදු කරන වැඩසටහන් ඉතා වැදගත් ය.

මෙම වැඩසටහන් බොහෝමයක් මගින් දරිද්‍රතාවය පිටු දැකීම,ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරවීම,ස්ත්‍රී පුරැෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම,සෞඛ්‍ය හා ය⁣ටිතල පහසුකම් ප්‍රවර්ධනය ,යන කාරණා පිලිබදව තිරසාර සංවර්ධන ඉලක්ක ප්‍රවර්ධනය කිරීම තුළ දක්නට ලැබෙි. විශේෂයෙන්ම ලක් රජය විසින් තිරසාර සංවර්ධන ඉලක්ක ප්‍රවර්ධනය සදහා සැකසූ  තිරසාර සංවර්ධන පනතේ මූලික අරමුණු ලෙස ස්වභාවික සමාජීය හා ආර්ථික  පාරිසරික ලෙස සමිපත්  අරපිරිමැස්මෙන් කාර්යක්ෂමව භාවිතා කිරීම සහතික කිරීම,රජය විසින් සියලුම තීරණ ගැනීමෙිදී පාරිසරික ආර්ථික හා සමාජ සාධකවල ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම යනාදී අරමුණු අැතුළත් වෙි. මීට අමතරව එක්සත් ජාතීන්ගේ අාහාර හා කෘෂිකාර්මික සංවිධානය, ලෝක බැංකුව වැනි ආයතන තිරසාර සංවර්ධන ඉලක්ක අරමුණු කරගෙන ලංකාව තුළ විවිධ වැඩ සටහන් සිදු කරනු ලැබෙි.එ්වා බොහෝමයක් සමාජ සවිබලගැන්වීම ප්‍රධාන ලෙසම අරමුණු කරගෙන ඇත.උදාහරණයක් ලෙස ලෝක බැංකු අාධාර මත ක්‍රියාත්මක වන wassip වැඩසටහන හරහා ග්‍රාමීය හා වතු යටිතල පහසුකම් සංවර්ධනය සදහා සිදු කරන දායකත්වය මෙහිලා කැපී පෙනේ.

මෙම තිරසාර සංවර්ධන ඉලක්ක ප්‍රවර්ධනය කිරීම තුළ භෞමික පරිසර පද්ධති ආරක්ෂා කිරීම යන කාරණයේදී වර්තමානයේ වනාන්තර ආරක්ෂා කිරීම යන කරැණ නිතරම සංවාදයට ලක් වන කරැණකි. අලි මිනිස් ගැටුම ,වගාවන් සදහා වනාන්තර එළිපෙහෙළි කිරීම අද වන වි⁣ට අභියෝගයකි.ඒ අනුව තිරසාර සංවර්ධනක් තුළ ස්වභාවික සමිපත් නිසි ලෙස භාවිතා කිරීමට අවශ්‍ය සමාජ දැනුවත් කිරීමි සිදු  කිරීම,රැක් රෝපණ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම වැනි බොහෝ දේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩ සටහන හා විශ්ව විද්‍යාල වැනි බොහෝ පාත්‍රයන් විසින් සිදු කරනු ලබයි.

තවද සාගරය හා වෙරළ ආශ්‍රිත සමිපත් නිසි ලෙස සංරක්ෂණය කරමින් තිරසාර සංවර්ධනය උදෙසා භාවිතා කිරීම සදහා විවිධ වූ වැඩ සටහන් විශ්ව විද්‍යාල හා ලියෝ,වැනි විවිධ තරැණ ස්වෙච්ඡා සංවිධාන හරහා ක්‍රියාත්මක කරනු ලැබීම කැපී පෙනේ.වර්තමාන කොවිඩි 19 තත්ත්වය තුළ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් සංවිධානය කරනු ලබන ජාතික තරැණ සංවාදය වැනි වැඩසටහන් හරහා තරැණ ප්‍රජාවට තිරසාර සංවර්ධන ඉලක්ක පිලිබද දැනුවත්බාවයක් ඇති කිරීම සිදු කරයි.

මෙි අනුව සමස්තයක් ලෙස ගත් කළ තිරසාර සංවර්ධන ඉලක්කයන් ප්‍රවර්ධනය කිරීම සදහා ලංකාව තුළ විවිධ අකාරයේ ක්‍රියාමාර්ගයන් සිදු කර ඇත.නමුත් තිරසාර සංවර්ධන ඉලක්ක අරමුණු කරගෙන බො⁣හෝ පියවර ගෙන තිබුණත් තවමත් අප සමාජ සන්දර්භය තුළ බොහෝ වූ සමාජ ,ආර්ථික ,පාරිසරික ගැටලු පවතී.විශේෂයෙන්ම මෙරට සිදු වන ආණ්ඩු මාරැ වීමි තුළ රාජ්‍ය ප්‍රතිපත්තීන් තුළ මෙකී තිරසාර සංවර්ධන ප්‍රවර්ධනය කිරීම සදහා ගනු ලබන පියවර වෙනස් වීම දක්නට ලැබෙි.තවද සංවර්ධන ව්‍යාපෘති තුළ නිසි නියාමනයක් නොමැති වීම තිරසාර සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමට බාධාවක් වී අැත.උමාඔය වැනි මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් මෙි වන විට සමාජ සන්දර්භය තුළ දැඩි ව්‍යාකූලතාවයක් ඇති කර ඇත.මෙි අනුව සංවර්ධනය තුළ තිරසාර සංවර්ධනයක් සදහා වූ නිසි නියමනයක් සහිත සංවර්ධන ව්‍යාපෘති සදහා පියවර ගැනීම කාලීන අවශ්‍යතාවයකි.

2020 වර්ෂය ආරමිභ වීමත් සමග ගෝලීය කොවිඩි 19තත්වය තුළ රටෙි ආර්ථික හා සංවර්ධන ක්‍රියාවලිය අභියෝගයට ලක් ව අැත. මෙි අනුව ඉහත අභියෝග හා ගැටලු වලට විසදුමි සෙවීමට තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට රජය,සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය බෙහෙවින් අත්‍යාවශ්‍ය වෙි.සත්‍ය වශයෙන්ම දියුණු රටවල් මෙන්ම අප රටද සංවර්ධිත මටිටමට ගොඩ නැගීමට මෙම තිරසාර සංවර්ධන අරමුණු නිසි ලෙස ප්‍රවර්ධනය කළ හොත් නිසැකවම සිදු කළ හැකිය.එය පුරවැසියන්  සියලු දෙනාගේම ක්‍රියාකාරී සහභාගිත්වය හා උනන්දුව මත රදාපවතින්නකි. අප වැනිම සිවිල් යුද්ධයකින් බැට කෑ බටහිර අප්‍රිකානු රටක් වන රැවන්ඩාව  මෙි පිලිබද කදිම නිදර්ශනයක් ලෝකයටම සපයා ඇත.අවසාන ලෙස දැක්විය හැකි කාරණාව වන්නේ තිරසාර සංවර්ධන ඉලක්ක නිසි ලෙස  අනුගමනය කිරීම හා ඒවා ප්‍රවර්ධනය කිරීම හරහා මෙම කුඩා දිවයිනට මානව අාර්ථික ,සමාජීය පාරිසරික මෙි සෑම අංශයකින්ම සැබෑ ම වු අභිවෘද්ධියක් අත් කර ගැනීමට හැකිවනු අැති බවය.

About the Author:

Avatar

vihanga

Vihanga Weerasinghe

I am a fourth year undergraduate from university of colombo specialized in international relations.my research interests relate to peace and reconciliation ,human security ,countering violent extremism.joining IYAP as an intern helps to me gain good experience in field and it's also help to improve my skills

Share This Entry