Blog

පුරවැසියෙකු ලෙස තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය

vihanga

May 12, 2021

0

තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය යනු ජනරජයක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මගින් පුරවැසියකුට හිමි වන්නා වූ මුලික අයිතිවාසිකමකි.රාජ්‍ය නිලධාරීන් සතුව ඇති තොරතුරුවලට ප්‍රවෙිශ වීමට ඇති අයිතිය එයයි. වෙනත් වචන වලින් කිවහොත් මෙය රජය සතුව ඇති තොරතුරු ජනතාව වෙත දැන ගැනීමට අයිතිය සලසා දීමය.මෙම තොරතුරු සමිපූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් මුදා හැරීම රජය සතුව ඇති වගකීමකි.එය බොහෝ රටවල් වල ව්‍යවස්ථාමය අයිතියකි.මෙම තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය මිනිසෙකුට ඇති ප්‍රජාතාන්ත්‍රීය අයිතියකි.රාජ්‍ය හා රාජ්‍ය ආයතන නඩත්තු කරන්නේ ජනතාවගේ බදු මුදල් වලිනි.

මෙි අනුව ස්ථාපිත මූලධර්මය නමි රාජ්‍ය මුදල් උපයෝගී කර ගනිමින් රාජ්‍යයේ කාර්යයන් ඉටු කරන්නේ කුමානාකාරයෙන් ද යැයි දැන ගැනීමට තොරතුරු දැන ගැනීමෙි අයිතියක් ජනතාවට ඇති බවය. විවෘතභාවය ප්‍රකාශට පත් කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සදහා රජය සාමාන්‍යයෙන් බැදී සිටින බැවින් මෙය තොරතුරු දැන ගැනීමෙි නිදහස ලෙස තව දුරටත් අර්ථ දැක්වෙි.  මෙය බොහෝ විට විස්තර කරනුයේ පුරවැසියන් තම රජය පිලිබදව දැනුවත් ව සිටින නීතිය ලෙසට ය. ඒ අනුව උපයුක්ත අර්ථකථනයන්⁣ට අනුව මෙම අයිතිවාසිකම යටතේ ඔිනෑම පුරවැසියකු ඉල්ලා සිටින ඔිනෑම තොරතුරක් පුද්ගලික,ජාතික ආරක්ෂාව සහ නීතිය බලාත්මක කිරීම වැනි අවශ්‍යතා ආරක්ෂා කරන එක් සීමාවකට යටත් නොවන්නේ නමි එය හෙළි කිරීමට රාජ්‍ය නිලධාරීන්ට වගකීමක් අැත. ශ්‍රී ලංකාවෙි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙි 14වන වගන්තිය මගින් තොරතුරු දැන ගැනීමෙි අයිතිය තහවුරු කර ඇත. නමුත් ව්‍යවස්ථාවමය කෙටුම්පතක් ලෙසට තවදුරටත් එහි වරප්‍රසාදයන් ජනතාව වෙත සංවිධානාත්මකව  ලැබෙන්නේ වර්ෂ 2016 දී ය.

 ඒ අනුව මෙම පනත හරහා 11 වගන්තිය යටතේ ස්ථාපිත කර ඇති තොරතුරු දැනගැනීමෙි අයිතිවාසිකම් පිලිබද කොමිෂන් සභාව පිහිටවීය.ලාංකීය සන්දර්භය තුළ මෙම පනත සහ කොමිෂන් සභා පිහිටවීම සදහා වසර විස්සකට අධික කාලයක් ගත විය. ඒ සදහා සිවිල් යුධමය වාතාවරණය සහ විවිධ දේශපාලන සංසිද්ධීන් හේතු විය.මෙම කොමිෂන් සභාව ව්‍යවස්ථාපිතව ස්වාධීන අායතනයක් වන අතර මෙි හරහා තොරතුරු දැනගැනීමෙි අයිතිය ඉටු නොකිරීම පිළිබදව  පරීක්ෂණ පැවැත්වීමටත් ,වරදකාරී නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමටත් බලය මෙි හරහා ඇත.තොරතුරු දැන ගැනීමෙි පනතෙහි දක්වා තිබෙන පරිදි 15,38(2),සහ 39 (4) යන වගන්ති යටතේ අර්ථ දැක්වෙන පරිදි

වැරදි සිදු කරන පුද්ගලයන්ට අභිචෝදනයට ලක් කිරීමට ද මෙම කොමිෂන් සභාවට බලය හිමි වී ඇත. මෙි අනුව මෙම තොරතුරු දැන ගැනීමෙි අයිතිය ආරක්ෂා කිරීමට සැලකිලිමත් විය යුතු මූලික අවශ්‍යතා තුනක් ඇත.

  • තොරතුරැ සදහා ඇති ප්‍රවෙිශය
  • තොරතුරු ප්‍රකාශනයට පත් කිරීමට රාජ්‍ය  ආයතනවලට ඇති වගකීම
  • තොරතුරු මුදා හැරීමෙි වගකීම

යන අවශ්‍යතාවන් මෙහිදී වැදගත් වෙි. මෙි අනුව තොරතුරු දැන ගැනීමෙි අයිතිය තුළ මෙම පනත අප රට තුළ සමිමත වීම හා ක්‍රියාත්මක වීම තුළ එය රාජ්‍යයේ පුරවැසියන්ට වඩාත් වැදගත් වන්නේ ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු වන පවත්වාගෙන යන රාජ්‍ය ආයතනයන්වල ක්‍රියාකාරිත්වය පිලිබදව ප්‍රශ්න කිරීමට ජනතාවට හිමි වීම ය. සාමාන්‍ය ජතතාවට මෙම තොරතුරු දැන ගැනීමෙි අයිතිය වැදගත් වන්නේ කුමකට යන්න යන කාරණය විශේෂයෙන්ම මතු කළ යුතු කාරණයකි.

තොරතුරැ දැනගැනීමෙි අයිතිය සදහා මානව හිමිකමි විශ්වීය ප්‍රකාශනය,සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිලිබද විශ්වීය ප්‍රකාශනය වැනි අන්තර්ජාතික ප්‍රඥප්ති තුළින් ද විශේෂ ඉඩකඩක් හිමිව තිබෙන අයිතිවාසිකමක් ලෙසට තොරතුරු දැන ගැනීමෙි අයිතියට හිමිව අැත. ප්‍රජාතන්ත්‍රවාදයහි සහ යහපාලනයේ පැවැත්ම උදෙසා තොරතුරු දැනගැනීමෙි අයිතිය වැදගත් ය.

 ඒ අනුව අමාත්‍යාංශ හා පළාත් පාලන අායතන,රාජ්‍ය නොවන සංවිධාන ව්‍යවස්ථාපිත අායතන පිලිබදව තොරතුරු දැන ගැනීමට මෙි හරහා ජනතාවට අවස්ථාව සැලසී අැත. තව දුරටත් මෙි පිලිබදව අදහස් දැක්විමෙි සහශ්‍ර සංවර්ධන ඉලක්කයන් තුළ 16වන අරමුණ වන සාමය සහ යුක්තිය ශක්තිමත් කරන ආයතන යන සංකල්පය කරා රාජ්‍යයන් මෙහෙයවීමට මෙම තොරතුරු දැන ගැනීමෙි අයිතිය හරහා සිදු වෙි. මෙි සදහා පසුබිම් ගත උදාහරණයක් ලංකාවෙි ලෙස උතුරු පළාතේ කුමන්කුලමි ගමිමානයේ යුද්ධයෙන් පසු නැවත ජීවිත ගොඩනැගීමෙි වැඩසටහන යටතේ වන්දි මුදල් වසර ගණනාවක සිට පමා වීම නිසා එම ගමිවැසියන් තොරතුරු දැනගැනීමෙි පනත හරහා එය පිලිබදව දිගින් දිගටම විමසීම නිසා ඔවුන්⁣ට එම වන්දි මුදල් ලබා ගැනීමට හැකියාව ලැබිණි.කෙසේ වෙතත් තවමත් තොරතුරු දැනගැනීමෙි අයිතිය හා සමිබන්ධ පනත ක්‍රියාත්මක වුවද තවමත් ලංකාව තුළ ඒ සමිබන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක් හෝ උනන්දුවක් ඉතා ප්‍රබල ලෙස දක්නට නොමැත. නමුත් අපට අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව තුළ තත්ත්වය මීට වඩා වෙනස් මුහුණුවරක ඇත.ඉන්දියාව තුළ මෙම පනත ක්‍රියාත්මක වන්නේ වර්ෂ 2005 සිටය.ඒ අනුව මෙම තොරතුරු දැනගැනීමෙි අයිතිය උදෙසා ජනතාව තුළ උනන්දුවක් දක්නට ලැබෙන්නේ දෛනිකව අයදුමිපත් 48000ක් පමණ ඒ සදහා යොුහ වීම තුළ ය. නමුත් අප රටෙහි සන්දර්භය ගත් විට හාත්පසින්ම එය වෙනස් ය. තොරතුරැ දැන ගැනීමෙි පනත සමිමත වුවද ජනතාව තම බදු මුදල් පිලිබදව මෙන්ම රාජ්‍යයේ තොරතුරු විමසීම ඉතා අවමය.එම නිසාම ජනතාවගේ බදු මුදල් තවමත් විධිමත් ලෙස භාවිතා කිරීමක් රාජ්‍ය ආයතනවල දක්නට ⁣නොමැති ය.රාජ්‍ය යාන්ත්‍රණය තුළ දූෂණ අක්‍රමිකතා බොහෝ විට දක්නට ඇති අතර ඒවා ප්‍රශ්න කරන පුද්ගලයන්ට ජීවිත තර්ජව පවා එල්ල වීම දක්නට ඇත.

මෙි අනුව මානව සුරක්ෂණය තුළ භීතියෙන් නිදහස් වීම යන කාරණය උල්ලංඝනය වීම දක්නට අැත. ආණ්ඩු මාැැ වීම තුළ ප්‍රතිපත්ති වෙනස් වීම සහ තවමත් මෙම අයිතිවාසිකම ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය වන කලින් සදහන් කළ මුලික අවශ්‍යතා තවමත් අප රට තුළ නිසියාකාරව සකසා නැත.එය ව්‍යහාත්මක ගැටලුවකි.රාජ්‍යයේ පුරවැසියන්ට තොරතුරු දැන ගැනීමට බොහෝ කාලයක් ගත වීම ලංකාවේ දක්නට ඇති සුලබම දර්ශනයකි.තවද මෙම රජය විසින් මුදාහරින තොරතුරු වල නිරවද්‍යතාවය පිලිබදව සැකයක් ඇති වීම මෙි නිසාම දක්නට ලැබෙි.තොරතුරු දැන ගැනී⁣මෙි අයිතිය අවභාවිතා කිරීම සහ ඇතැමි සංවෙිදී කාරණා පවා සමාජගතවීම ද අප රට තුළ දක්නට ඇත.තවමත් අප රට තුළ කෙටුම්පතක් ලෙස තොරතුරු දැන ගැනීමෙි අයිතිය සමිමත වී සිවි වසරක් පමණකි. ඒ අනුව එයින් යහපත් ප්‍රගමනයක් දක්නට ඇත. දකුණු ආසියානු සන්දර්භය තුළ බංග්ලාදේශය තුළ මෙම තොරතුරු දැන ගැනීමහි අයිතිවාසිකම  ව්‍යවස්ථාපිත කෙටුමිපතක් ලෙස ක්‍රියාත්මක වන්නේ වර්ෂ 2009 සිටය. ගත වු මුල් සිවි වසර තුළ බංග්ලාදේශය තුළ එය ක්‍රියාත්මක වීම මන්දගාමී ස්වරෑපයක් ගත්තද වර්ෂ 2017 සිට  ජනතාව එ් මත ක්‍රියාකාරීව සිටින බව දක්නට ඇත.ලාංකීය සන්දර්භයට එම අවකාශය සහ හැකියාව පවතී.වර්තමානයේ ලංකාව තුළ මෙම තොරතුරු දැන ගැනීමෙි අයිතිවාසිකම තහවුරු කර ගත යුතු ආකාරය පිලිබද සමාජය සවිබල ගැන්වීමෙි වැඩසටහන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වැනි ආයතන හරහා සිවිල් සංවිධාන රාජ්‍ය හා රාජ්‍ය නොවන අායතන හරහා සිදු වෙි.

මෙි අනුව පුරවැසියාගේ තොරතුරු දැන ගැනීමට අැති අයිතිවාසිකම අල්ලසට දූෂණයට එරෙහිව ප්‍රබල අවියක් ලෙස භාවිතා කිරීමට පරම අයිතියක් හා අවස්ථාවක් ඇත්තේ ජනතාවටය.ලතින් අමරිකානු කලාපයේ බොහෝ රටවල් අස්ථාවර වුවද කොස්ටාරිකා ජන රජය සංවර්ධිත රටක් බවට පත්ව ඇත්තේ ජනතාව මෙම අයිතිවාසිකම නිසියාකාරව භාවිතා කිරීම තුළ ය.ප්‍රංශය ස්විට්සර්ලන්තය වැනි රටවල් අද ප්‍රජාතන්ත්‍රවාදය නිසියාකාරවම  ස්ථාපිත රටවල් බවට පත්ව ඇත්තේ ඒ නිසාමය. ලිබියාව ,යේමනය වැනි රටවල් අස්ථාවර වීමට එක් හේතුවක් බවට පත්ව ඇත්තේ ජනතාවට තොරතුරු දැනගැනීමෙි අයිතිය අවහිර වීම තුළ ය.

 ඒ අනුව අවසානයේ දී තහවුරු කරගත හැකි කාරණය වන්නේ වචනයන්ට පමණක් සීමා නොවී ප්‍රජාතාන්ත්‍රීය ලක්ෂණ සපිරි යහපාලනික මූලිකාංග විතැන් පත් ජනරජයක් නිර්මාණය කිරීමට නමි මෙම විශ්වීය සංකල්පයක් වන තොරතුරු දැනගැනීමෙි අයිතිවාසිකම නිවැරැදිව ජනතාව උපයෝගී කර ගැනීම හරහා සිදු කර හැකි බව ය.

About the Author:

vihanga

Vihanga Weerasinghe

I am a fourth year undergraduate from university of colombo specialized in international relations.my research interests relate to peace and reconciliation ,human security ,countering violent extremism.joining IYAP as an intern helps to me gain good experience in field and it's also help to improve my skills

Share This Entry