ජීවිත තර්ජනාත්මක අවදානම නොතකා රට ආරක්ෂා කිරීමට සේවය කිරීම.

අණ දෙන නිළධාරි ආර්. එම්. ජී රත්නායක

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව (SLCG)

ගුවන්තොටුපල සහ මාර්ග සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර නගර තුළ සිදුවන ගමන් කිරීම ඇඳිරි නීතියෙන් දැඩි ලෙස සීමා කර තිබුණද මිනිසුන් හැසිරවිය යුතු තවත් පිවිසුම් ස්ථානයක් තිබුණි. ආර්. එම්. ජී. රත්නායක ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හි අණ දෙන නිළධාරියකු ලෙස සේවය කරන අතර සමුද්‍රීය ආරක්ෂාව පිලිබදව වගකීම දරයි, එමෙන්ම තම කණ්ඩායම සමග එක්ව මුහුදු මාර්ගයන් සියල්ලම වසා ඇති බවට ද තහවුරු කරයි.

එම මහතාට අනුව මෙහිදී අභියෝගයක් වනුයේ ධීවර බෝට්ටු නැවත වෙරළට පැමිණීමයි. එයට හේතුව වනුයේ ඇතැම් ධීවරයැයින්  මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම් සහ වෙනත් නීති විරෝධී කටයුතුවල නිලෙමින් මුහුදේ සිටින විදේශිකයන් සමඟ සම්බන්ධකම් පැවැත්වීමයි. කොවිඩ් -19 අර්බුදය අතරතුර නව ප්‍රොටෝකෝලයක් ක්‍රියාත්මක කරන ලදී.

කමාන්ඩර් රත්නායක මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (පී.එච්අ.යි) සමඟ එක්ව ධීවරයින් මුහුදෙහි යාත්‍රා කරන කාල පරිච්ඡේදය තුල ඔවුන් ට වෛරසය ආසාදනය නොවීම සම්බන්ධයෙන් කටයුතු කළා. ගොඩ බිමට පැමිණීමේදී  ඔවුන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කල අතර ඇති කරගත් සම්බන්ධතා ගැන ප්‍රශ්න කරන ලදී. ඔවුන් දින 14ක නිරෝදායනයට ලක් වූ අතර නව ප්‍රොටකෝලයට අනුව් ඔවුන්ගේ නොදන්නා ගමන් සම්බන්ධ හේතුව නිසා වෛරසය රැගෙන එන්නන් ලෙස සැක කරන ලදී.

සියලුම වරායන් මිනිසුන් විසින් මෙහෙයවිය යුතු වූ අතර, වෙරළට පැමිණ පිටත් වන යාත්‍රා දැඩි ලෙස පරීක්ෂා කර අධීක්ෂණය කරනු ලැබිණි. මෙය පූර්ව -කොවිඩ් ප්‍රොටකෝලය වුවද දැන් නාවික මාර්ග ඔස්සේ වෛරසය රට තුළට නොපැමිණීම සහතික කිරීම සඳහා වඩාත් සූක්ෂමපියවර ගැනීමේ අතිරේක රාජකාරිය ද කමාන්ඩර්රත්නායකට පැවරී ඇත.

කොවිඩ් -19 නාවික හමුදා කඳවුරු අතර පුළුල් ලෙස ව්‍යාප්ත වීමත් සමඟ ඔහුගේ කනස්සල්ල වර්ධනය විය විශේෂයෙන් ම ඔහුගේ මූලස්ථානයේ සිටි පොලොන්නරුවේ සිට පැමිණි නාවික සොල්දාදුවෙකුට කොවිඩ්-19 වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමගය. කොවිඩ් -19 නාවික හමුදා කඳවුරු අතර පුළුල් ලෙස ව්‍යාප්ත වීමත් සමඟ ඔහුගේ කනස්සල්ල වර්ධනය විය. ඔහුට සම්බන්ධතා සොයා ගැනීමටත් ඒවා හුදකලා කිරීමටත්, සැක කටයුතු සියලුදෙනා මත ‘පී.සී.ආර්’ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමටත් ඔහුට සිදු විය. ඒවා ඍණාත්මක බව දැනගැනීමෙන් ඔහු සෑහීමකට පත් විය. එතැන් සිට ඔහු කඳවුර තුළ අහඹු පරීක්ෂණ සිදු කරයි.

මෙම කාලවලදී තමාට එල්ල වී ඇති තර්ජනය පිළිබඳව ප්‍රශ්න කළ විට ඔහු පවසන්නේ ජීවිත තර්ජනාත්මක අවදානම නොතකා ඔවුන්ට තවමත් ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යා යුතු බවයි. ඔහු පිළිබිඹු කරන්නේ, සිවිල් යුද්ධය අතරතුර, මුහුදේ මරාගෙන මැරෙන බෝට්ටු ඇති බව ඔවුන් දැන සිටි බවයි. එහෙත්, තර්ජන දැනගෙන ඔවුහු තම යුතුකම ඉටු කළහ. “ඒ හා සමානව, මම මෙම තර්ජන පිළිගනිමි. මගේ රටට සේවය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කැපකිරීම් කිරීමට මම කැමැත්තෙමි” යනුවෙන් අවසානයේ කිව්වාය

View in: English / தமிழ்