වසංගත සමය තුළ ප්‍රජාවේ අවශ්‍යතා සපුරාලීම සඳහා පියවර ගැනීම.

ෆයිරූස් ඛාන්

ධීවරයෙකි

මාලිගාවත්තේ අතහැර දැමූ ප්‍රදේශවල වෙසෙන ජනතාව දෛනික වැටුප් කම්කරුවන් වන අතර ඔවුන් නිතිපතා මූල්‍ය අරගලයක් අත්විඳිති. වසංගතයක් තුළ මුඩුක්කු නිවාසයක ජීවත් වීමට හැඟෙන්නේ කෙලෙස ද? ආදායමක් නොමැතිවීම සහ ඉහළ අවදානම් කලාපයකට ඇතුළු වීමට බෙදාහැරීමේ සේවාවන් දක්වන අකැමැත්ත නිසා ඔවුන්ගේ ඉරණම මුද්‍රා තැබීමට ලක්වන ලදී. ධීවරයෙකු වන 44 හැවිරිදි ෆයිරූස් පවසන්නේ “බොහෝ පවුල්වලට දින ගණනක් යන තුරු ස්වල්ප ආහාරයක් වත් තිබුනේ නෑ. බඩගින්න වැඩි නිසා අඩන ලමයි දෙමව්පියෝ ගෙයින් ගෙට ගිහින් කෑම හොයන්න ගත්තා, ඒ තමයි අපේ අලුත්ම දුක්ඛිත තත්ත්වය” යන්නයි. බොහෝ දෙනා මිල දී ගත හැකි යමක් ඇත්දැයි විමසමින් පැමිණෙද්දී, ෆයිරූස් අවදානම් නොතකා යමක් කිරීමට තීරණය කළේය.

ඔහු අසන්නේ “මම කොහොමද ඉඳගෙන බලාගෙන ඉන්නේ?”, යනුවෙනි.”අපිට දැන් සටන් කරන්න සතුරන් දෙන්නෙක් ඉන්නව, එක්කෙනෙක් කොරෝනා වෛරසය අනිත් කෙනා බඩගින්න, දෙවෙනි සතුරත් සමග සටනෙදී මට යමක් කල හැකියි” යැයි ඔහු පවසයි. කෝවිඩ් ආශ්‍රිත අවදානම් පිළිබඳව හොඳින් සලකා බැලීමෙන් පසු, තම ප්‍රජාව තුළ මසුන් විකිණීම සඳහා අවසර පත්‍රයක් ලබා ගැනීමට ඔහු තීරණය කළේය. මෙය ඉතා තීරණාත්මක මුලපිරීමක් බව ඔහු ඒ වන විට දැන සිටියේ නැත. ෆයිරූස් වෙහෙස නොබලා වැඩ කළ අතර, හිරු උදාවීමට පෙර දවස ආරම්භ කරන ඔහු තම නිවස ආසන්නයේ පිහිටුවා ඇති තාවකාලික මාළු කුටියක මාළු විකිණීම සිදු කරයි. ඔහු ලාභයකින් තොරවම මාළු විකුණන අතර බොහෝ විට එය දුශ්කරතාවන්ට මුහුණ දෙන පවුල් සඳහා නොමිලේ ලබා දෙනු ඇත.  “කුසගින්න පිළිබඳ වේදනාව මම දන්නවා. තමන්ගේ දරුවන් කුසගින්නෙන් පෙළෙන දිහා අසරණව බලා සිටින දෙමව්පියන්ගේ වේදනාව මම හොඳින් ම දන්නවා” යනුවෙන් ඔහු පසුතැවිලි වේ. “මෙය මගේ ජනතාවට සේවය කිරීමට කාලයයි.” ඔහුගේ ක්‍රියා කලාපය අන් අයටද ආදර්ශයක් වූයේ තවත් පුද්ගලයින් ද මෙම ජනාවාසය තුළ එළවළු සහ පලතුරු වෙළඳසැල් පිහිටුවීමට පටන් ගැනීම නිසාවෙනි එබැවින් මිනිසුන්ට ආහාර සඳහා ප්‍රවේශය පහසු විය.

ෆයිරූස් ඉස්මතු කිරීම වැදගත් වන්නේ ඇයි? ඒ ඔහු අසීරු කාල සීමාවන් තුල දී අන් අයට ද පෙලඹවීමක් ලබා දුන්නේ ඔහු සතු වූ දෛර්‍යය සහ දයානුකම්පාව නිසාවෙනි.

View in: English / தமிழ்