Blog

The Narratives of SYA : Hear from Chandi Gamage!

Jun 27, 2022

0

SINHALA 

SYA හි ආඛ්‍යාන : මෙය චන්දි මධුෂිකා ගමගේගේ කතාවයි!

ඇය රුහුණ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විශේෂවේදී උපාධියධාරිනියක්; මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාධාරිනියක්; මේ වන විට මනෝවිද්‍යාව හා උපදේශන ඩිප්ලෝමාව හදාරමින් සිටින ඇය පෞද්ගලික ගුරුවරියක් ලෙස ද කටයුතු කරමින් සිටියි. එමෙන්ම ජාතික තරුණ සේවා සභාවේ, ජාතික තරුණ සේවා සමූපකාර සමිතියේ කෑගල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරියක් ලෙස වසර 6ක කාලයක් කටයුතු කරනු ලැබු විශිෂ්ට අරමුණක් කරා ගමන් කරන අපේ කාලයේ දිරිය ගැහැණියකි. නමින් ඇය  චන්දි මධුෂිකා ගමගේ ය. මේ දිරිය දියණියගේ ගමන SYA සමග කෙතරම් වෙනස් වී තිබේ ද? එන්න: ඇයගේ වචනවලින් අහමු. 

” මම චන්දි මධුෂිකා ගමගේ. මම ජීවත් වෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ. පාසල් අධ්‍යාපනය අවසන් කිරීමේ සිට සමාජසේවා කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වමින් ස්වේච්ඡා සේවිකාවක් ලෙස සමාජසේවා ක්ෂේත්‍රය තුළ කටයුතු කරමින් සිටින මම ජාතික තරුණ සේවා සභාව, යෞවන සමාජ සම්මේලනය සමඟ සම්බන්ධ වෙමින් තරුණ තරුණියන් වෙනුවෙන් වසර 08ක කාලයක් එම ක්ෂෙත්‍රයේ කටයුතු කරමින් සිටිමි. ඒ වගේම තරුණ කටයුතු, පරිසර සංරක්ෂණය, ළමා හා කාන්තා අයිතිවාසිකම්, LGBT වැනි ක්ෂේත්‍ර සම්බන්ධව වැඩි උනන්දුවක් දක්වමි. 

මෙම පසුබිම සමගම SYA ව්‍යාපෘතිය පිළිබඳව මහනුවර දිස්ත්‍රික් සම පුහුණු පහසුකම් සපයන්නිය මගින් දැන ගත්තෙමි. මීට පෙර විවිධ ස්වේච්ඡා සංවිධානවල ස්වේච්ඡා පුහුණුකරුවකු ලෙසත්, සාමාජිකයකු ලෙසත් ස්වේච්ඡාවෙන් සම්බන්ධය වී සිටිය ද SYA ව්‍යාපෘතිය මාගේ පළමු ස්ථිර පුහුණු පහසුකාරක රැකියාව විය. 

ඒ සමගින් ම මගේ ජීවිතේ මා එතෙක් දැරූ පුහුණුකාරිණිය යන භූමිකාව වෙනස් වීමට පටන් ගත්තේය.  මීට පෙර පුහුණුකරු ලෙස ස්වේච්ඡාවෙන් කටයුතු කළද නිවැරදි මඟපෙන්වීමක් යටතේ පුහුණුකරුවෙකු, පහසුකම් සපයන්නෙකු ලෙස පුහුණුවීමට සහ නිවැරදි පුහුණුවක් ලබා ගැනීමටත් අවකාශ හිමි වූයේ SYA ව්‍යාපෘතිය හරහාය. 

පුහුණුකරුවෙකු, පහසුකම් සපයන්නෙකු ලෙස පුහුණුවීම් සිදු කිරීම මෙන්ම ව්‍යාපෘතියක කටයුතු කිරීමේ දී අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීම, අයවැය වාර්තා ඉදිරිපත් කිරීම, දීර්ඝ කාලීනව තරුණ කණ්ඩායමක හසුරුවා ගැනීම වැනි අත්දැකීම් රැසක් ලබා ගනිමින් මනා අවබෝධයක් සහිත පහසුකම් සපයන්නෙකු බවට පත්වීමට මෙම ව්‍යාපෘතිය බෙහෙවින් උපකාරී විය. පුහුණුකරුවෙකු වීමට පැවති හීනය සාර්ථක කරගැනීමටත් මනා මඟපෙන්වීමක් මෙන්ම ආයතනික ක්‍රියාවලි හඳුනාගැනීමටත් මෙය මහත් උපකාරී විය. මෙම ව්‍යාපෘතිය යටතේ පුහුණු පහසුකාරකවරියක ලෙස විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි විය. විවිධ ජනවර්ග නියෝජනය කරන පිරිසක් සමග දීර්ඝ කාලීනව කටයුතු කිරීමෙන් මෙන්ම තරුණ පිරිසක් දිගුකාලීනව හසුරුවා ගැනීමත් මඟින් අත්දැකීම් රැසක් හිමිවිය.

පහසුකම් සපයන්නෙකු ලෙස මාගේ කාර්යභාරය වන්නේ පුහුණුව ලබන පිරිසට මනා මඟපෙන්වීමක් මෙන්ම පුහුණුවට අදාළ වටපිටාව සකස්කර දීමයි. එහිදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් මැනවින් සපයා දීම, ඔවුන් නිවැරදි දිශානතියකට යොමු කිරීම සහ පුහුණුව ලබන්නන්ට ඔවුන් ලබා ගන්නා අත්දැකීම් මඟින් අවශ්‍ය මාර්ගය සකසා ගැනීමට මඟපෙන්වීම පහසුකම් සපයන්නෙකු ලෙස සිදු කළ යුතුය.

මා තුළ කාලයක් තිස්සේ පැවති වෘත්තීය මට්ටමේ පුහුණුකරුවෙකු වීමේ අපේක්ෂාව ඉටු කර ගැනීමට මෙම ව්‍යාපෘතිය හරහා මනා මඟපෙන්වීමක් ලැබුණු අතර එම අපේක්ෂාව ඉටු කරගැනීමට මෙය නිවැරදි අඩිතාලමක් විය. එමෙන්ම ව්‍යාපෘතියක රාජකාරීමය මට්ටමෙන් කටයුතු කිරීමට හැකි වීමෙන් ආයතනික රාජකාරී මට්ටමේ අත්දැකීම් මෙන්ම නිවැරදි අවබෝධයක් ලබාගනිම් පුහුණුකරුවෙකු වීමේ ඉලක්කයට යාමට මෙය මනා අඩිතාලමක් විය.

මෙම ව්‍යාපෘතිය යටතේ කටයුතු කිරීමේ දී අත්දැකීම් බහුල ප්‍රධාන පුහුණුකරුවන් යටතේ පුහුණු වීමටත්, අත්දැකීම් සහිත කාර්ය මණ්ඩලයක් සමඟ කටයුතු කිරීමට හැකි වීමෙන් අත්දැකීම් රැසක් ලබාගනිමින් සාර්ථක පහසුකම් සපයන්නෙකු බවට පත්වීමට හැකි විය.

පහසුකම් සපයන්නෙකු ලෙස මෙම ව්‍යාපෘතිය තුළ විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගත්තෙමි. අමතක නොවන සිදුවීම් අතර boot camp එක පැවැත්වීමේ දී මුස්ලිම් තරුණියන් දෙදෙනෙකු මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට මහත් වෙහෙසක් දැරූ ආකාරය අමතක නොවන සිදු වීමකි. ඔවුන්ගේ පවුල් පරිසරය සහ සංස්කෘතික සීමාවන් හේතුවෙන් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට ඔවුන් දැඩි උත්සාහයක් දරා අවසානයේ ඔවුන්ගේ අරමුණ ජය ගත් අතර ඔවුන්ගේ සැඟවුණු දක්ෂතා ඉදිරිපත් කිරීමට මෙම ව්‍යාපෘතිය මනා තෝතැන්නක් විය.

මහනුවර කණ්ඩායමේ පිරිස අතර මෙම ව්‍යාපෘතිය අවසානය වන විට පැවති සහයෝගය හා බැඳීම, තරුණ පිරිසක් ලෙස අභියෝග වලට මුහුණ දී එම අභියෝග ජය ගැනීම, නව අදහස් බෙදාහදා ගැනීම ආදිය මා බෙහෙවින් අගය කරන අත්දැකීම් වේ.

මෙම ව්‍යාපෘතිය තුළ අමතක නොවන මෙන්ම බෙහෙවින් අගය කරන ඉගෙනීම වන්නේ ව්‍යාපෘති පාදක ඉගෙනීමයි (Project Based Learning). පහසුකම් සපයන්නෙකු ලෙස අප ලබාගත් පුහුණුවේදී මෙන්ම පහසුකම් සපයන්නෙකු ලෙස තරුණ තරුණියන් පුහුණු කිරීමේදී මෙම ඉගැන්වීම් ක්‍රමය වඩාත් ඵලදායි විය. මහනුවර කණ්ඩායම මෙම ඉගෙනීම් ක්‍රමය තුළින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගත් ආකාරය අපට දැකගත හැකි විය.

මෙම වැඩසටහන දියුණු කිරීමේදී තවදුරටත් වැඩි තරුණ තරුණියන් පිරිසක් මෙම වැඩසටහනට සම්බන්ධ කරගත යුතු අතර උසස් පෙළින් පසුව අධ්‍යාපනය ලැබීම අවසන් කරන තරුණ තරුණියන් මෙහිදී ඉලක්ක කිරීම වඩාත් සුදුසු යැයි මම සිතමි. එයට හේතුව වන්නේ එවැනි පිරිසකට ආයතනික පුහුණුවක් ලැබීමට මේ වන විට අවස්ථාවක් හිමි නොවන බැවිනි. එමෙන්ම ඉදිරියේ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ නම් එහිදී Host Organizations තෝරා ගැනීමේදී ආයතනික මට්ටමින් එම සංවිධාන සමඟ සාකච්ඡා කර තරුණ තරුණියන් යොමු කිරීම වඩාත් සාර්ථක යැයි සිතමි. 

තව ද හැකිව පවතින්නේ නම් පුහුණුව ලබාදෙන කාල සීමාව තවදුරටත් දීර්ඝ කිරීම සුදුසුය. මෙම ව්‍යාපෘතිය යටතේ ආවරණය නොවූ ප්‍රදේශයන්ට මෙන්ම මෙවැනි ආයතනික පුහුණු නොලැබෙන ප්‍රදේශවල තරුණ තරුණියන්ට නැවත වතාවක් මෙවැනි අවස්ථාවක් සලසා දීම මහත් ප්‍රයෝජනවත් වේ”. 

මේ ඇයගේ කතාවයි. ඔබ තවත් කථනවලට සවන් දීමට කැමතිද?  SYA බ්ලොග් ප්‍රවර්ගය වෙත ළඟා වන්න, ඔබ වඩාත් ජීවිතය වෙනස් කරන අත්දැකීම් පිළිබඳ විශේෂාංග කථාවලින් පුදුමයට පත් වනු ඇත.

TAMIL

SYA இன் அனுபவப் பகிர்வுகள்: இது சண்டி மதுஷிகா கமகேயின் கதை!

அவர் ருஹுணு பல்கலைக்கழகத்தில் தொல்லியல் துறையில் இளங்கலை பட்டம் பெற்றவர். மனித வள மேலாண்மையில் டிப்ளமோ முடித்தவர்; தற்போது உளவியல் மற்றும் ஆலோசனையியல் டிப்ளமோ படித்து வருகிறார், மேலும் ஒரு தனியார் ஆசிரியராகவும் கடமையாற்றுகிறார்.  தேசிய இளைஞர் சேவைகள் மன்றம், தேசிய இளைஞர் சேவைகள் கூட்டுறவுச் சங்கம் ஆகியவற்றின் கேகாலை மாவட்டப் பணிப்பாளராக 6 வருடங்களாக கடமையாற்றி வரும் எமது காலத்தின் துணிச்சலான பெண்மணியும் ஆவார்.  அவர் பெயர் சண்டி மதுஷிகா கமகே.  SYA உடன் இந்த தைரியமான பெண்ணின் பயணம் எவ்வளவு தூரம் மாறியுள்ளது? வாருங்கள்: அவரின் வார்த்தைகளாலேயே அதனை கேட்போம்.

 “நான் சந்தி மதுஷிகா கமகே. நான் கேகாலை மாவட்டத்தில் வசிக்கிறேன். எனது பள்ளிப் படிப்பை முடித்ததிலிருந்து சமூக சேவைத் துறையில் தன்னார்வத் தொண்டராக பணியாற்றி வருகிறேன்; இளைஞர் விவகாரங்கள், சுற்றுச்சூழல் பாதுகாப்பு, குழந்தைகள் மற்றும் பெண்கள் உரிமைகள் மற்றும்  LGBT போன்ற துறைகளில் அதிக ஆர்வம் காட்டுகிறேன். 

இந்தப் பின்னணியில் கண்டி மாவட்ட இணைப் பயிற்சி வசதி வழங்குநர் மூலம் SYA திட்டம் பற்றி அறிந்து கொண்டேன்.  நான் முன்பு ஒரு தன்னார்வப் பயிற்சியாளராகவும், பல்வேறு தன்னார்வ நிறுவனங்களில் உறுப்பினராகவும் முன்வந்திருந்தாலும், SYA திட்டமானது எனது முதல் நிரந்தர பயிற்சி உதவியாளர் பணியாகும்.

அதே நேரத்தில், பயிற்சியாளராக எனது பங்கு என் வாழ்க்கையில் மாறத் தொடங்கியது.  முன்பு பயிற்சியாளராகத் தன்னார்வத் தொண்டு செய்திருந்த போதிலும், SYA திட்டத்தின் மூலம்தான் சரியான வழிகாட்டுதலின் கீழ் ஒரு வசதியாளராக பயிற்சி வழங்கவும் பயிற்சி பெறவும் முடிந்தது.

ஒரு பயிற்சியாளர் மற்றும் உதவியாளருக்கான பயிற்சி, அத்துடன் ஒரு திட்டத்திற்கு தேவையான ஆவணங்களைத் தயாரித்தல், வரவு செலவு அறிக்கைகளை சமர்ப்பித்தல் மற்றும் நீண்டகால இளைஞர் குழுவை நிர்வகிப்பது போன்ற அனுபவ ரீதியான கற்றலை பெற்று, நன்கு அறியப்பட்ட வசதியாளராக மாறுவதற்கு இந்தத் திட்டம் பெரிதும் உதவியது. இது ஒரு பயிற்சியாளராக வேண்டும் என்ற என் கனவை நனவாக்குவதற்கும் நல்ல வழிகாட்டுதலை வழங்குவதற்கும் நிறுவன செயல்முறைகளை அடையாளம் காண்பதற்கும் பெரும் உதவியாக இருந்தது.  இத்திட்டத்தின் கீழ் பயிற்சி வசதியாளராக நிறைய அனுபவத்தைப் பெற முடிந்தது.  நீண்ட காலமாக பல்வேறு இனங்களை பிரதிநிதித்துவப்படுத்தும் மக்களுடன் பணிபுரிந்ததோடு, நீண்ட காலமாக இளைஞர்களுடன் பழகிய அனுபவத்தையும் இதன் மூலம் பெற்றுக் கொண்டேன். 

பயிற்சியாளர்களுக்கு சிறந்த வழிகாட்டுதலை வழங்குவதுடன், பயிற்சி தொடர்பான சூழலை உருவாக்குவதும், ஒருங்கிணைப்பாளராக எனது பணியாகும்.  அங்கு, அவர்களுக்குத் தேவையான வசதிகளைச் செய்து கொடுத்து, அவர்களைச் சரியான பாதையில் வழிநடத்தி, பயிற்சி பெறுபவர்களுக்கு அவர்களின் அனுபவத்தை வழி வகுக்கும்படி வழி நடத்துபவர்கள் உதவ வேண்டும். இதுவே எனது கடமையாகவும் அமைந்திருந்தது. 

எனது நீண்டகால தொழில்முறை பயிற்சி அபிலாஷைகளை அடைய இந்த திட்டத்தின் மூலம் நான் நன்கு வழிநடத்தப்பட்டேன். மேலும் அந்த அபிலாஷையை நிறைவேற்ற இதுவே சரியான அடித்தளமாகவும் இருந்தது.  மேலும், உத்தியோகபூர்வ மட்டத்தில் ஒரு திட்ட மட்டத்தில் பணிபுரிய முடிந்தது.  துறையியல் அளவிலான அனுபவத்தையும் துல்லியமான புரிதலையும் பெறுவதன் மூலம் பயிற்சியாளராக ஆவதற்கு ஒரு உறுதியான அடித்தளத்தை அமைத்தது.

இந்தத் திட்டத்தின் கீழ் பணிபுரிந்ததில், அனுபவம் வாய்ந்த தலைமைப் பயிற்சியாளர்களின் கீழ் பயிற்சி பெறவும், அனுபவம் வாய்ந்த ஊழியர்களுடன் இணைந்து பணியாற்றவும், நிறைய அனுபவத்தைப் பெற்று, வெற்றிகரமான ஒருங்கிணைப்பாளராகவும் மாற முடிந்தது.

ஒரு ஒருங்கிணைப்பாளராக, இந்த திட்டத்தில் நான் அதிக அனுபவத்தைப் பெற்றேன்.  மறக்கமுடியாத நிகழ்வுகளில் ஒன்றாக, துவக்க பயிற்சி முகாமின் போது இரண்டு முஸ்லிம் யுவதிகள் திட்டத்தில் ஈடுபட மேற்கொண்ட சிரத்தையும் முயற்சியையும் கூறுவேன்.  அவர்களது குடும்பச் சூழல் மற்றும் கலாசார வரம்புகள் காரணமாக, அவர்கள் திட்டத்தில் ஈடுபட கடுமையாக உழைத்து இறுதியில் தங்கள் இலக்கை அடைந்தனர் மற்றும் அவர்களின் மறைந்திருக்கும் திறமைகளை வெளிப்படுத்த இந்த திட்டம் ஒரு சிறந்த தளமாக இருந்தது.

இளைஞர்கள் குழுவாக எதிர்கொள்ளும் சவால்களை முறியடித்தல், புதிய யோசனைகளைப் பகிர்தல் போன்றவற்றின் இறுதிவரை கண்டி அணியினரின் ஆதரவும் அர்ப்பணிப்பும் நான் பெரிதும் பாராட்டுகின்ற அனுபவமாகும்.

திட்ட அடிப்படையிலான கற்றல் இந்த திட்டத்தில் மிகவும் மறக்கமுடியாத மற்றும் மிகவும் மதிப்புமிக்க கற்றல் ஆகும்.  இந்த கற்பித்தல் முறையானது, நாங்கள் வசதியாளர்களாகப் பெற்ற பயிற்சியிலும், இளைஞர்களை பயிற்றுவிப்பதிலும் மிகவும் பயனுள்ளதாக இருந்தது.  இந்த கற்றல் முறையின் மூலம் கண்டி அணி எவ்வாறு மிகவும் வெற்றிகரமான பெறுபேறுகளை அடைந்தது என்பதை நாம் பார்த்தோம்.

திட்டத்துக்கான முன்மொழிவுகள் என்ற வகையில் இத்திட்டத்தை அபிவிருத்தி செய்வதில் அதிகளவான இளைஞர்கள் இத்திட்டத்தில் ஈடுபடுத்தப்பட வேண்டும் மேலும் உயர்நிலைப் பள்ளிப் படிப்பை முடித்துக் கொண்டு கல்வி கற்கும் இளைஞர்களை குறிவைப்பது மிகவும் பொருத்தமாக இருக்கும் என கருதுகிறேன்.  ஏனெனில், அத்தகைய குழுவிற்கு நிறுவனப் பயிற்சி பெறும் வாய்ப்பு தற்போது இல்லை.  மேலும், இதுபோன்ற திட்டங்கள் எதிர்காலத்தில் செயல்படுத்தப்பட வேண்டுமானால், இணை நிறுவனங்களைத் தேர்ந்தெடுத்து, நிறுவன மட்டத்தில் அந்த அமைப்புகளுடன் கலந்தாலோசித்து, இளைஞர்களை வழிநடத்துவது மிகவும் பயனுள்ளதாக இருக்கும் என்று நான் நினைக்கிறேன். SYA என்பது என்னைப் பொறுத்த வரையில் என் மாற்றத்துக்கான திறவுகோல் என்றே கூறுவேன்” 

இது அவருடைய கதை.  நீங்கள் மேலும் இது போன்ற கதைகளை கேட்க விரும்புகிறீர்களா?  SYA வலைப்பதிவை அணுகுங்கள். மேலும் வாழ்க்கையை மாற்றும் அனுபவங்களைப் பற்றிய சிறப்புக் கதைகளால் நீங்கள் ஆச்சரியப்படுவீர்கள்.

ENGLISH 

The Narratives of SYA : Hear from Chandi Gamage!

She holds a Bachelor of Arts in Archeology from the University of Ruhuna and Diploma in Human Resource Management and is currently studying for a Diploma in Psychology and Counseling and is also a private tutor.  She is also a courageous woman of our time who has been serving as the Kegalle District Director of the National Youth Services Council and National Youth Services Co-operative Society for 6 years. Yes, she is Chandi Madhushika Gamage.  How much has this courageous woman’s  journey changed with SYA?  Join us in listening to her story through her words.

“I am Chandi Madushika Gamage from Kegalle District. I have been working in the field of social work as a volunteer since I completed my schooling, especially interested in areas of youth affairs, environmental conservation, children’s and women’s rights and LGBT.

With this background I came to know about the SYA project through the Kandy District Co-Training Facilitator.  Although I have previously volunteered as a volunteer trainer and member of various voluntary organizations, the SYA project was my first permanent training facilitator job. At the same time, my role as a trainer started to change my life under the right guidance.

The project greatly helped me to become a well-informed facilitator, gaining a wealth of experience such as training as a trainer and facilitator, as well as preparing the necessary documentation for the project, presenting budget reports, and sustaining a long-term youth team. This was indeed a great support  in realizing the dream of becoming a trainer and providing right guidance as well as identifying organizational processes.  I was able to gain a lot of experience by working with people representing different ethnicities for a long time as well as dealing with young people. 

My role as facilitator is to provide better guidance to the trainees as well as to create a training-related environment.  There, the facilitator should provide them with the facilities they need, guide them in the right direction, and support the trainees to pave the way through their experience.

I was well guided through this project to achieve my long-held professional training aspirations and I found that this was the right foundation to fulfill that aspiration.  Also, being able to work on a project level through official collaboration laid a solid foundation for the goal of becoming a trainer by gaining professional level experience as well as accurate understanding.

In working under this project, I was able to train under experienced master trainers and work with an experienced staff, gaining a lot of experience and becoming a successful facilitator.

Among the memorable events, I would say it was the unforgettable memory in which two Muslim girls strived hard to get involved in the project during the boot camp.  Due to their family environment and cultural limitations, they had to put in a great deal of effort to get involved in the project. But in the end they eventually achieved their goal and the project itself turned out to be a great platform to showcase their hidden talents.

Besides, the support and commitment of the Kandy team towards the end of this project, overcoming the challenges faced by the youth as a group, sharing new ideas etc also the memories and experiences that I greatly appreciate and cherish over the course. 

Moreover,  I would say project based learning is the most memorable and highly valued learning in this project.  This training method was most effective in the training we received as facilitators as well as in training young people as facilitators. We saw how the Kandy team achieved the most successful results through this learning method.

SYA is thoughtful, effective and consists of unforgettable learnings in my life. Involving more young people and targeting young individuals who are finishing their higher education after A/Ls would definitely support us in reaching more communities since such a group does not currently have the opportunity to receive institutional training. Also extending the training period for the interns will make SYA burn brighter and shed the light of success and engagement on every aspect of the project activities and beneficiaries”. 

This is her story. Are you interested in listening to more? Reach out to the SYA blog category, you’ll be surprised and inspired by much more life-changing feature stories of experiences.

About the Author:

Share This Entry

Array